ඉන්දීය අත්අඩංගුවේ පසුවු අවසාන ලාංකික ධීවරයින් පිරිස ද නිදහස් කෙරේ
August 3, 2012 9:44 am  

ඉන්දීය අත්අඩංගුවේ පසුවු අවසාන ශ්‍රී ලාංකික ධීවරයින් පිරිස ද නිදහස් කර තිඛෙනවා. ධීවරයන් 11 දෙනෙකු යාත්‍රා 2 ක් ද සමගින් අද දිනයේදී නිදහස් කර ඇති බවයි ධීවර අමාත්‍යාංශය සදහන් කලේ. ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝණය කිරීමේ චෝදනාව යටතේ මොවුන් අන්ද්‍රා ප්‍රදේශ් මුහුදු සීමාව අසලදී අත්අඩංගුවට ගෙන තිබුණා. ධීවර අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් නරේන්ද්‍ර රාජපක්ෂ මහතා නිවුස් රේඩියෝවට කියාසිටියේ ලබන සදුදා කන්කසන්තුරේ මුහුදු සීමාව අසලදී මෙම ධීවරයන් ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගැනීමට නියමිත බවයි.

Leave a Reply