මේ දිනවල පවතින වියළි හා උණුසුම් කාළගුණය හේතුවෙන් නල ජලය සදහා ඇති ඉල්ලුම වැඩිවී ඇතැයි ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසනවා. එබැවින් පානීය නල ජලය දෛනික අත්‍යවශ්‍ය කටයුතු වලට පමණක් යොදා ගන්නා ලෙසයි මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. වියළි කාළගුණය හමුවේ ජල මුලාශ්‍ර වලින් ලබාගත හැකි ජල ධාරිතාව ද අඩුවී තිඛෙනවා. එබැවින් ජලය අරපිරිමැස්මෙන් භාවිතකර මෙම කාලසීමාවේදී උපරිම සහාය ලබාදෙන්නැයි ජල සම්පාදන මණ්ඩලය ඉල්ලීමක් කරනවා.