තංගල්ල දැරිය දූෂණයේ සැක 9 කට ඇප
August 3, 2012 10:36 am  

තංගල්ල දැරිය දූෂණය කිරීමේ සිද්ධියේ සැකකරුවන් 9 දෙනෙකු ඇප මත මුදාහැරීමට තංගල්ල මහාධිකරණය අද නියෝග කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියාසිටියේ ලැගුම්හල් හිමියන් පිරිසක් මෙලෙස ඇප මත මුදාහැර ඇති බවයි. ඔවුන් රුපියල් විසි පන්දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වන පුද්ගල ඇප දෙකක් යටතේ නිදහස් කිරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ. එමෙන්ම සෑම ඉරු දිනකම තංගල්ල සහකාර පොලිස් අධිකාරී කාර්යාලය හමුවේ පෙනී සිටින ලෙසට ද ඇප මත නිදහස්වුවන්ට නියෝගකර තිඛෙනවා. මේ අතර තඹුත්තේගම පොලිසියට ඊයේ දිනයේදී ගල් මුල් ප්‍රහාර එල්ලකල 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply