ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි නෞකාවකින් ගොඩබාන ලද කන්ටේනරයක තිබී අධි විකිරණශීලීත්වයෙන් යුත් සුදු යකඩ සහ ඇලුමිනියම් භාණ්ඩ තොගයක් හමුවී තිඛෙනවා. පසුගිය බ්‍රහස්පතින්දා පැමිණි මෙම නෞකාවේ තිබු අදාළ කන්ටේනරය ශ්‍රී ලංකා පරමාණුක ශක්ති අධිකාරිය විසින් වරාය පරිශ්‍රයේ ඇති විකිරණ හඳුනාගැනීමේ උපකරණ ආශ්‍රයෙන් හඳුනාගත් බවයි විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කලේ. ඊයේ පරමාණුක ශක්ති අධිකාරිය සිදුකල රසායනාගාර පරීක්ෂාවේදී තහවුරු වී ඇත්තේ පිළිකා මර්දනයට භාවිත කෙරෙන කොබෝල්ට් 60 නැමති කෘතිම විකිරණය වැඩි වශයෙන් එම භාණ්ඩවල පවතින බවයි. මේවන විට අදාළ කන්ටේනරය ශ්‍රී ලංකා පරමාණුක ශක්ති අධිකාරියේ අධීක්ෂණය යටතේ වරාය අධිකාරියට අයත් විශෙAෂ ස්ථානයක රඳවා තබා තිඛෙනවා. මෙහි අඩංගු සියලු භාණ්ඩ කට්ටලවල විකිරණශීලී ද්‍රව්‍ය අඩංගු ද යන්න සොයා බැලීමට තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි. අදාළ කන්ටේනරයේ තිබු භාණ්ඩ වෙළඳපොලට නිකුත් කිරීම තහනම් කරමින් ශ්‍රී ලංකා පරමාණුක ශක්ති අධිකාරිය වරාය අධිකාරිය ද දැනුවත් කර තිඛෙනවා. අදාළ සුදු යකඩ සහ ඇලුමිනියම් භාණ්ඩ නිශ්පාදනය කල සහ ඛෙදාහැරීම් සිදුකල ඉන්දීය සමාගම පිළිබඳ තමන් දැනුවත් කරන්නැයි ද පරමාණුක ශක්ති අධිකාරිය ශ්‍රී ලංකා රේගුවට දැනුම්දී ඇතැයි සඳහන්. මේ සම්බන්ධයෙන් කරුණු දැක්වු ශ්‍රී ලංකා පරමාණුක ශක්ති අධිකාරියේ විකිරණ ආරක්ෂණ හා රෙගුලාසි අංශයේ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනිල් රංජිත් මහතා.
Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.
මෙවැනි විකිරණශීලී ද්‍රව්‍ය පරිහරණයෙන් සිදුවිය හැකි හානි සම්බන්ධයෙන් පැහැදිළි කල පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා.
Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.